Article

ප්‍රේමවන්තයාගේ අපූරු තෑග්ග

ප්‍රේමවන්තයාගේ අපූරු තෑග්ග 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3694 මට තාමත් මතකයි මේ වත්සලා කියන තරුණිය. ඇය ගැටවර වියේ සිටි යුවතියක්. ඇය ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණයේ තනියම. ඇය හිස පීරලා සිටියේ නැහැ. මුහුණත් විඩාබරයි. බැලූ බැල්මටම ඇය මනස අවුල් වූ යුවතියක් ලෙස පෙනී ගියා. ඇය මා ඉදිරියේ වාඩිවෙලා ඇගේ අතේ තිබුණ ලිපිය මට දුන්නා. එය මීගමුව රෝහලේ ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යතුමා මට යොමු කළ ලිපියක්. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙලා තිබුණා. මේ ලිපිය රැගෙන එන වත්සලාට අවුරුදු 18 යි. ඇය අවිවාහකයි. ඇය වෛද්‍ය වාට්ටුවේ සතියක් ප‍්‍රතිකාර ලැබුවා. ඇය වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවේ වස වර්ගයක් පානය කර ජීවිතය නැති කරගන්න උත්සාහ කළ පසුවයි. ඇය අපට යොමු කළේ ඇයගේ ලිංගික ප‍්‍රදේශයේ යම් බිබිලි වර්ගයක් දක්නට ලැබුණ නිසයි. අපි ඇය පරීක්ෂා කළා. ඇය හර්පීස් කියන ලිංගික රෝගයට ගොදුරු වෙලා තිබුණා. හර්පීස් රෝගය නිට්ටාවට සුව කරන්න බැහැ. මේ හේතුව නිසා ඇති වූ කම්පනයට ඇය ජීවිතය නැති කර ගන්න උත්සහ කරනවා. ඇය දැඩි මානසික පීඩයනයකින් පෙළෙන බව

වැඩි දඟය ලොකු ලෙඩක්

ඒත් අසාමාන්‍ය දඟකාරකම, සාමාන්‍ය දඟකාරකම නෙමෙයි. ඒ කියන්නේ පමණට වඩා පාලනයක් නැතිව සිදුවන දඟය. අසාමාන්‍ය දඟකාරකම කියන්නේ මොළයේ රසායනික ද්‍රව්‍යවල සිදුවන වෙනස් වීමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. එය සාමාන්‍යයෙන් වෛද්‍යවරු හඳුන්වන්නේ ADHD කියලා. ඒත් ඔබට ඔබේ දරුවාගේ මේ වෙනස හඳුනාගන්න බැරි වුණොත් එය සාමාන්‍ය හැසිරීමක් ලෙස වැරදි ආකාරයට වටහා ගත්තොත්, දරුවාගේ අධ්‍යාපනයේ සිට මුළු ජීවිතයම අවුල් වෙන්න පුළුවන්. අසාමාන්‍ය දඟකාරකම හෙවත් අධික්‍රියාකාරී දරුවාට නිසි ඖෂධ සහ උපදේශන සේවාවක් අවශ්‍ය වෙනවා. මෙය මනෝ වෛද්‍යවරයෙකු විසින් කළ යුතු කාර්යයක්. බොහෝ මව්පියන් මෙවැනි දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නේ නැහැ. ඊට ප්‍රධානතම හේතුව දරුවාගේ සැබෑ තත්ත්වය පිළිගැනීමට ඔවුන් අකමැති වීමයි.

සොරකමට යොමු වන හිතේ ලෙඩේ

හොරකම් කරන පුද්ගලයකුට අපි කියනවා හොරෙක් කියලා. සමහරු තවත් කෙනෙකුගේ දෙයක් සොරකම් කර ගන්නේ ඔහුගේ සුඛ විහරණයට. නොයෙකුත් හොරැ ඉන්නවා. ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා පොදු දේපල මංකොල්ල කෑමත් එක්තරා විදිහක හොරකමක්. තවත් සමහර හොරකම් කරන බොහෝ අය එය කරන්නේ ආශාවකින් නෙවෙයි. කොහොම කළත් සොරකම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් අද අපි කතා කරන්නේ හොරකමට ආසා හිතෙන ලෙඩක් ගැන. එංගලන්තයේ අටවන එඩ්වඩ් රජතුමාට තිබුණේ අමුතුම ආශාවක්. එය හොරකමකට තිබුණු ආශාවක්. ඔහු හොරකම් කරේ ඔහු හොරෙන් ගන්නා බඩුවලට තිබුණු ආශාව නිසා නෙවෙයි. එසේ සොරකම් කිරීම ඔහුට අපූරු තෘප්තියක් හා ආස්වාදයක් ගෙන දුන්න නිසයි. මා වෙත යොමු කළ උපුල්ට තිබුණෙත් එබඳු ලෙඩක්.